December 15, 2017

LSR කලම්බෝ මැරතන් තරඟය ඔක්තෝම්බර් 8 වනදා සිට

ජලාශ‍්‍ර හා ස්වභාසෞන්දර්ය ආශ‍්‍රිත විනෝදාත්මක ක‍්‍රියාකාරකම් මෙහෙයවීමේලා පුරෝගාමීන් වන ලංකා ස්පෝර්ට්රයිසන් ආයතනය විනෝදාත්මක ක‍්‍රියාකාරකම් සඳහා ශ‍්‍රී ලංකාව තෝතැන්නක් යන පණිවිඩය මෙවන් ක‍්‍රියාකාරකම් සංවිධානය කිරීමෙන් අනගිභවනීය මතක සටහන් පසුගිය දශක තුන ඔස්සේ ජාත්‍යන්තරය හමුවේ ගෙන හැර ඇත.

මේවා අතරින් ශ‍්‍රී ලංකා ටී-කප් ජාත්‍යන්තර පාපැදි තරඟය, රම්බල් ඉන් ද ජංගල්, කඳු නැගීමේ පා පැදි තරඟය, විටෙල් ඇමසන් වීරක‍්‍රියා අභියෝගය,  ඕස්ටේ‍්‍රලියානු සර්ෆින් ප‍්‍රමුඛතමයන්ගේ WQS සර්ෆින් තරඟාවලිය, ශ‍්‍රී ලංකන් ගොල්ෆ් ක්ලැසික් - ගෝල්ෆ් තරඟාවලිය යන ඉසව් ප‍්‍රම්ඛ වේ.

මෙවැනි ක‍්‍රියාකාරකම් දායාද කිරීමෙන් ශ‍්‍රී ලංකාව සංචාරක ක්ෂේත්‍රයේ පාරාදීසයක් වනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසයයි.

එහි තවත් පියවරක් ලෙස 1998 වර්ෂයේදී LSR ජාත්‍යන්තර මැරතන් තරඟය ගාල්ලෙන් ආරම්භ වී වසර 16 පුරා පවත්වාගෙන ආ ගමනේදී දැන් එය LSR කලම්බෝ මැරතන් නමින් ආසියාතික ක‍්‍රීඩා කැලැන්ඩරයේ සුවිශේෂී තරඟයක් වී හමාරය.

ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා සම්මේලනයේ (IAAF) මැරතන් සහ දිගු දුර ධාවන තරඟ සංගමය  AIMS)  යටතේ ලියාපදිංචි වූ එකම ශ‍්‍රී ලාංකික තරඟය මෙය වන අතර එහි සාමාජික රටවල් 110 අතරින් ඡන්ද හිමි රටවල් 56 හි 54 වන සාමාජිකයා වීමට වරම් ලැබී ඇත.

LSR කළම්බෝ මැරතන් තරඟයේ 16 වන දිගහැරුම, 2016 ඔක්තෝම්බර් දෙවන දින, රටවල් 44 කින් තරඟකරුවන් 7500 කට අධික සහභාගීත්වයෙන් වර්ණවත් ලෙසින් පැවැත්වුනු අතර ලොව සියළුම මහද්වීපවල නියෝජනයෙන් විදෙස් ක‍්‍රීඩකයන් 250 කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වුනි. තව ද ශ‍්‍රී ලාංකාවේ ප‍්‍රථම වාර්ෂික ක‍්‍රීඩා සම්මාන උළෙල වන 2016 SLT සිල්ක් ස්පෝර්ට්ස් සම්මාන උළෙලේදී වසරේ ක‍්‍රීඩා සන්නාමයට හිමි සම්මානයෙන් මෙම තරඟය පිදුම් ලැබූ බව සතුටින් කියා සිටීමට කැමැත්තෙමු.

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ක‍්‍රීඩා දින දර්ශකයේ තරඟයක් වෙමින් මෙහි 17 වන දිගහැරුම 2017 ඔක්තෝම්බර් 08 වන දින තරඟකරුවන් දස දහසකගේ අපේක්‍ෂාවෙන් පැවැත්වීමට මෙහි සංවිධායකයන් වන ලංකා ස්පෝට්රයිසන් ආයතනය බලාපොරොත්තු වන අතර මෙය ශ‍්‍රී ලාංකීය ක‍්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් වන බව ඔවුන්ගේ විශ්වාසයයි.

මෙහි මුළු වියදම රුපියල් මිලියන 24.2 කට ආසන්න වන අතර එයින් රුපියල් මිලියන 2.5 ක් තෑගි මුදල් වශයෙන් පිරිනැමීමට සංවිධායකයන් අපේක්‍ෂා කරයි.

මීට පෙර අදියරයන්වල මෙම තරඟය කොළඹ සිට මීගමුව දක්වා ධාවනය වූ අතර මෙම වසරේදී කි.මී. 5 හා 10 විනෝද මැරතන් තරඟ යුගලය කොළඹ නගර මධ්‍යයේ නිම කිරීමට සංවිධායකයන් තීරණය කොට ඇති අතර එයින් කොළඹ නගරයේ ඇති සෞභාසෞන්දර්ය ජාත්‍යන්තරය වෙත වඩ වඩාත් යනු ඇතැයි ඔවුන්ගේ අපේක්‍ෂාව වේ.

තරඟයේ ප‍්‍රධාන අභිමතාර්ථ,

01.ශ්‍රී ලංකාව ආරක්‍ෂිත සංචාරක පුරවරයක් යන පණිවිඩය තවදුරටත් ලෝකය වෙත ගෙන ඒම.

02.ශ‍්‍රී ලංකාව සංචාරක හා විනෝදාත්මක වැඩසටහන් සඳහා තෝතැන්නක් බව ලෝකයට කියා පෑම.

03.ශ‍්‍රී ලංකාවේ තරුණ තරුණියන් හා පාසැල් දරුවන් අතර මෙවැනි තරඟ සඳහා සහභාගී වීමේ පුරුද්දක් ඇති කිරීමට දිරියක් දීම.

04.ජාත්‍යන්තර තරඟකරුවන් හා උරෙන් උර ගැටී තරඟ වැද ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්හට තම දක්‍ෂතාවයන් ඔප්නංවා ගැනීමට අවකාශයක් සකසා දීම.

05.විනෝදාත්මක ධාවන තරඟය හඳුන්වාදීම තුළින් ලාංකිකයන් වෙත ‘‘සෞඛ්‍යාරක්ෂිත සමාජයක්’’  යන සංකල්පය ප‍්‍රවර්ධනය කිරීම.

තරඟය උදෑසන 6 ට බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව ආසන්නයේ ආරම්භකොට, ජාත්‍යන්තර මළල ක‍්‍රීඩා සම්මේලනය (IAAF)  විසින් සම්මත වූ නවතම ධාවන මාර්ගය වන බෞද්ධාලෝක මාවත, R.G සේනානායක මාවත, මේට්ලන්ඞ් චන්ද්‍රවංකය, හෝර්ටන් පෙදෙස, කොල්ලූපිටිය ශ‍්‍රී ජයවර්ධනපුර පාර, ශ‍්‍රීමත් මාර්කස් ෆර්නැන්ඩස් මාවත, ඇල්බර්ට් චන්ද්‍රවංකය, නිදහස් පටුමග, ෆිලිප් ගුණවර්ධන මාවත, තුන්මුල්ල හන්දිය, බෞද්ධාලෝක මාවත, ජාවත්ත පාර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාවත, ටොරින්ටන් පටුමග, බෞද්ධාලෝක මාවත, මෙයිට්ලන්ඞ් පෙදෙස, නිදහස් පටුමග, මෙයිටිලන්ඞ් චන්ද්‍රවංකය, මෙයිට්ලන්ඞ් පෙදෙස, විද්‍යා මාවත, විජේරාම මාවත, බෞද්ධාලෝක මාවත, බොරැල්ල කනත්ත හන්දිය, බේස්ලයින් පාර, පෑලියගොඩ නවලෝක වටරවුම, මීගමුව කොළඹ පාර, හේකිත්ත හන්දිය, හේකිත්ත පාර, ඇල පාර, බෝපිටිය පාර, පමුණුගම පාර ඔස්සේ තරඟය දුන්ගාල්පිටියෙන් අවසන් වේ.

මෙම තරඟය ක‍්‍රීඩා අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව, ශ‍්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ‍්‍රී ලංකා මළල ක‍්‍රීඩා සම්මේලනය, අදාළ ප‍්‍රාදේශීය සභා හා නගර සභා, ත‍්‍රිවිධ හමුදාව, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන්ගේ සහයෝගයෙන් පැවැත්වේ.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 11 August 2017 16:40