April 19, 2024

රංගන හේරත්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

ඉන්දියාවට එරෙහිව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩක රංගන හේරත් සහභාගී නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  තහවුරු කළේය.

තෙවැනි ටෙස්ට් තරගයේදී රංගන හේරත්ට වැඩි කාර්ය බාරයක් කිරීමට සිදුවුවහොත් ඔහුගේ දැනට තිබෙන ආබාධ තත්ත්වය වැඩිවීමේ අවදානමකට ලක්වීමට ඉඩ ඇති බව ක්‍රීඩා වෛද්‍ය ඒකකය දැනුම් දීමත් සමගින් මෙම තීරණය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

Rate this item
(0 votes)