March 29, 2024

ශ‍්‍රී ලංකා - ඉන්දියා තරගාවලියට තහනමකට ලක්වු ක‍්‍රීඩාංගනයක්..

ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබන නොවැම්බර් මස දී ඉන්දීය තරග සංචාරයකට එක් වීමට නියමිතව තිබෙනවා.

ඒ, ටෙස්ට් තරග 03ක්, එක්දින තරග 05ක් සහ පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයක් සඳහායි. ඊට ක්‍රීඩාංගණ වෙන්කිරීම ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සිදුකොට ඇතැයි වාර්තා වේ. මෙම තීරණය ගෙන ඇත්තේ කල්කටා නුවර පැවති හමුවකදීයි.

තණතිල්ලේ දුර්වල ස්වභාවය නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් තහනමකට ලක්වූ නාග්පූර් ක්‍රීඩාංගණයට නැවත පණදීමද ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී සිදුවන අතර 2017 ඉන්දියානු තරගවාරය අවසන් කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව තරග වැදීම සඳහා ඉන්දියානු ක්‍රීඩාංගණ වෙන්වී ඇත්තේ පහත පරිදියි.

පළමු ටෙස්ට් තරගය – කල්කටා හිදී

දෙවන ටෙස්ට් තරගය – නාග්පූර් හිදී

තෙවන ටෙස්ට් තරගය – දිල්ලි හිදී

පළමු එක්දින තරගය – ධරම්සාලා හිදී

දෙවන එක්දින තරගය – මොහාලි හිදී

තෙවන එක්දින තරගය – විශාකාපට්නම් හිදී

පළමු විස්සයි-විස්ස තරගය – කෝචි හිදී

දෙවන විස්සයි-විස්ස තරගය – ඉන්දුරේ හිදී

තෙවන විස්සයි-විස්ස තරගය – මුම්බායි හිදී

Rate this item
(0 votes)