March 28, 2024

ශ‍්‍රී ලංකා සංචිතය හදිසියේ වෙනස්වෙයි..අද තරගයට ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙන්න

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අද කොළඹ SSC ක‍්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතයි

ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී දිනේෂ් චන්දිමාල් අසනීපවීමෙන් සහභාගී නොවූ අතර අද තරගයේදී ඔහු ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබාදීමේ හොඳ සූදානමකින් පසුවේ. 

ශ්‍රී ලංකා පිලට දඟ පන්දු යවන්නන් සිවුදෙනකු ක්‍රීඩා කිරීමේ අවස්ථා අද තරගයේදී නිර්මාණයවී තිබීම විශේෂත්වයකි. හේරත්ට හා දිල්රුවන්ට අමතරව දකුණත් පිට දඟ පන්දු යවන ධනංජය ද සිල්වා අද තරගයට ක්‍රීඩා කරන අතර වමත් දඟ පන්දු යවන මලින්ද පුෂ්පකුමාරට ද වැඩි අවස්ථා ඇතැයි ඊයේ එස්. එස්. සී පිටියේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී නායක දිනේෂ් චන්දිමාල් පැවැසීය.

තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති තිස් හැවිරිදි පුෂ්පකුමාර පළමු පෙළ තරගවලදී දක්ෂතා දැක්වීමට සමත්වූ පන්දු යවන්නෙකි. පළමු පෙළ තරග 99කදී කඩුලු 558ක් ලබා ගෙන සිටින ඔහු අන්තර් ක්‍රීඩා සමාජ තරගවලදී ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නෙකි.

පළමු තරගයේදී ආබාධයට පත්වූ රංගන හේරත්ගේ සහභාගිත්වය අද දිනයේ ස්ථීරවනු ඇතැයි චන්දිමාල් පැවැසීය. ඔහු සුවය ලබා සිටින අතර පසුගිය දින දෙකේදී පුහුණුවීම්වලට එකවූ බවද නායකයා පැවැසීය. ගාල්ලේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කුළ රංගන හේරත් පන්දුව රැක ගැනීමට උත්සාහ කිරිමේදී වම් අතේ මැද ගිල්ලේ ආබාධයක් ඇතිවිය. 

“අපට සිටින තරග දිනවන පන්දු යවන්නෙක් රංගන හේරත්. ඔහු එස්. එස්. සී. පිටියේ හොඳ දස්කම් දක්වා තිබෙනවා. අද තරගයට ඔහු ක්‍රීඩා කිරීමට ඉඩ කඩ වැඩියි. මිලින්දට හා ධනංජයටත් අවස්ථා තිබෙනවා. අපේ පිතිකරණ අංශයත් දැන් ශක්තිමත්. මේ තරගය ජයගෙන තරගාවලිය සම කිරීමට අපේ බලාපොරොත්තුවයි” චන්දිමාල් පැවැසීය.

 Sri Lanka : 1 Upul Tharanga, 2 Dimuth Karunaratne, 3 Kusal Mendis, 4 Dinesh Chandimal (capt.), 5 Angelo Mathews, 6 Niroshan Dickwella (wk), 7 Dhananjaya de Silva, 8 Dilruwan Perera, 9 Rangana Herath, 10 Malinda Pushpakumara, 11 Nuwan Pradeep

Rate this item
(2 votes)