March 29, 2024

රංගනගේ අබාධය ගැන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ප‍්‍රකාශයක්

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසාන වීමට ස්වල්ප මොහොතකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂඨතම පන්දු යවන්නා වන රංගන හේරත්ගේ  වම් අතේ මැදගිල්ල ආබාධයකට ලක්විය. කෙසේ වෙතත් එය බරපතල නෙවන බවයි කණ්ඩායම් කළමනාකරණය සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස රංගන හේරත් කටයුතු කරයි. තරගයේ 36 වැනි පන්දුවාරයේදී විරාත් කෝලි එල්ල කළ පහරක් ෂෝට් එක්ස්ට්‍රාකවර්හිදී නැවැත්විමට යාමේදි හේරත් ආබාධයකට ලක්විය.

ඉන් අනතුරුව ඔහු පිටියෙන් ඉවත්වූ අතර පසුව ඔහු එක්ස්රේ පරීක්ෂාවකට භාජනය කෙරිණි. 2014 වසරේදී බිඳීමකට ලක්වූ ඇඟිල්ලම මෙවරද ආබාධයකට ලක්ව තිබේ.

“ අපි තත්ත්වය පාලනය කරමින් ඉන්නේ. අපිට දැන් ඒ ගැන බයක් නෑ. එය මීට වසර තුනකට පෙර බිඳීමකට ලක්වූ ඇඟිල්ලමයි. අපි හෙට උදයේ ආබාධයේ ඇත්තම තත්ත්වය දැන ගන්නවා. අද අපි ලබාගත් එක්රේ පරීක්ෂාවෙන් ඔහුගේ ඇඟිල්ල බිඳී ඇති බවක් පෙනුණේ නෑ. ඔහුගේ වේදනාව තවදුරටත් තිබුණොත් අපි එම්.ආර්.අයි. ස්කෑන් එකකට යනවා. අපි දැන් කොළඹ නොයන්නයි තීරණය කළේ. අපි බලමු හෙට උදයේදී ඔහු පන්දු යවන්න පුළුවන්ද කියලා.

Rate this item
(0 votes)