April 20, 2024

වාස්ගෙන් පිතිකරුවන්ට දොස් මුරයක්

ශ්‍රී ලංකා පිතිකරුවන් ඊයේ දිනයේ හොඳින් පන්දුවට පහර නොදුන් බව චමින්ද වාස් මහතා කියයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන චමින්ද වාස් මහතා ඊයේ සවස පැවැති පුවත් පත් සාකච්ඡාවේදී මේ බව කියා සිටියේ ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ වත්මත් තත්ත්වය පිළිබඳ කළ විමසීමේදීය.

“ඕනෑම කණ්ඩායමක් ලකුණු 600 ක් ලබාගැනීමෙන් ප්‍රතිවාදී පිතිකරුවන් පීඩනයට පත්වීම සාමාන්‍ය දෙයක්. ඒ වුණත් අපේ අය හොඳින් පන්දුවට පහර දුන්නේ නෑ. මේක කණ්ඩායමට ඉවසාගන්න පුළුවන් දෙයක් නෙමේ වුණත් මේ ක්‍රීඩාවේ හැටි එහෙම තමා” යයි චමින්ද වාස් මහතා කීවේය.

 “මේ වෙනකොට ඇන්ජලෝ මැතිව්ස් සහ ඩිල්රුවන් දෙදෙනා තරමක් හොඳින් පන්දුවට පහර දෙනවා”

“අපේ බලාපොරොත්තුව මේ දෙන්නා හෙට දිවා ආහාරය වන තුරුවත් කඩුල්ලේ රැඳී සිටීවි කියායි. අපට හෙට තේ පානය වන තුරු පන්දුවට පහර දෙන්න පුළුවන් වුණොත් අප මුහුණ දී සිටින අසිරු තත්ත්වයෙන් ගොඩ ඒමේ අවස්ථාවක් තියෙනවා...ඒත් ඒ වෙනුවේන පළමු පැය දෙක හොඳින් පන්දුවට පහර දෙන්න ඕනෑ” යයිද චමින්ද වාස් මහතා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Friday, 28 July 2017 07:29