March 29, 2024

චමරි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයට එක්වෙයි

පන්දුවාර විස්සයි20 ලීග කාන්තා ක්‍රිකට් තරගාවලියකදි විදේශීය කණ්ඩායමක් නියොජනය කිරිමට අවස්ථා උදාකරගත් පළමු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාව බවට චමරි අතපත්තු ශ්‍රි ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක්විය.

ඒ ඇයට එංගලන්තයේ පැවැත්වෙන කියා පන්දුවාර විස්සයි20 කාන්තා ලීග ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබි ඇති හෙයිනි.චමරි එහිදී යෝක්ෂයර් කාන්තා කණ්ඩායම නියෝජනය කිරිමට නියමිතය. ආබාධයකට ලක්ව සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා බෙත් මූනිගේ ස්ථානය චමරිට හිමිව තිබේ.

නිමාවූ කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී වාර්තා ගත ලකුණු 178ක් රැස්කිරීමට චමරි සමත්වූවාය

Rate this item
(0 votes)