April 16, 2024

"ඇත්තටම ධවාන්ගේ උඩපන්දුව ස්‌ලිප් එකට ආපු සාමාන්‍ය උඩපන්දුවක්‌..ඩිල්රුවන් පෙරේරා තමයි හත්වැනි පිතිකරුවා" - ගුරුසිංහ

ඉන්දියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට සති 4 කට අධික කාළයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාරු අසංක ගුරුසිංහ මහතා තහවුරු කලේය. ඔහු ඊයේ සවස පැවති මාධ්‍ය හමුවකදී මේ බව තහවුරු කරමින් පැවසුවේ අසේළගේ වම් අතේ අස්ථි බිඳීමකට ලක් වී ඇති බවත් ඒ හේතුවෙන් ඔහුට අද රාත්‍රී ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවත්ය.

"ඇත්තටම ධවාන්ගේ උඩපන්දුව ස්‌ලිප් එකට ආපු සාමාන්‍ය උඩපන්දුවක්‌. නමුත් එයින් අපිට ක්‍රීඩකයකු තරගයට නැති වුණා. දැන් දහදෙනෙක්‌ එක්‌ක ක්‍රීඩා කරන්න වෙන්නේ. ඩිල්රුවන් පෙරේරා තමයි හත්වැනි පිතිකරුවා විදිහට දැන් ක්‍රීඩා කරන්න ඉන්නේ. අසේල නැතිවීම ලොකු පාඩුවක්‌. ඔහු හොඳ සටන්කාමීයෙක්‌. කොහොම වුණත් ඔහුට තව සති හතරක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩා කරන්න වෙන එකක්‌ නැහැ". යෑයි ගුරුසිංහ ඊයේ තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

කෙසේ වෙතත් මේ හේතුවෙන් අසේලට ඉන්දියාව සමග ඉදිරියේදී පැවැත්වෙන සියළුම තරගාවලි අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇත.

Rate this item
(0 votes)