April 19, 2024

ශිකර් ධවාන් කණගාටුවෙන්

තණතීරුව වේග පන්දුයවන්නන්ට සහයක්‌ තිබූ නමුත් තමන්ගේ සාමාන්‍ය පිති ප්‍රහාරය දියත් කළ ද අවාසනාවකට ද්විත්ව ශතකය අහිමිවීම කනගාටුවට කරුණක්‌ බව ෂිකර් ධවාන් පවසයි.

"ඇත්තටම මම තේ පානයට ඉස්‌සල්ල ඕවරයේ තමයි අවුට්‌ වුණේ. එතනදී හතරේ පහරක්‌ ගහන්න උත්සහ කළා. මොකද තේ පානයෙන් පසුව ආයිත් අලුත් ඉනිමක්‌ ක්‍රීඩා කරනව වගේ. නමුත් අවාසනාවකට සැලැස්‌ම වෙනස්‌ වුණා. ද්විත්ව ශතකයක්‌ ගන්න පුළුවන් වුණා නම් හොඳයි. ඒ වගේම තුන්සියයක්‌ ගත්ත නම් ඊටත් වඩා හොඳයි. නමුත් හැමදේම වෙනස්‌ වෙනවා" යෑයි ධවාන් පවසයි.

පසුගිය කාලයේ ලැබුණු නිවාඩුවෙන් හොංකොං චාරිකාවක්‌ ගොස්‌ විවේක සුවයෙන් සතුටු වූ බවත් අනතුරුව තමාගේ කායික සහ මානසික ශක්‌තිය හොඳ තැනකට පත්වීමෙන් පසු යළිත් සුපුරු තරග රටාවට පැමිණි බවත් ධවාන් වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)