April 16, 2024

'රංගන කවුද කියන්න අපි හොදටම දන්නවා' - කෝලි

ඉන්දියාව වෙනුවෙන් ටෙස්‌ට්‌ ක්‍රීඩා කිරීම තමාට මෙන්ම සමස්‌ත කණ්‌ඩායමට මහත් ආඩම්බරයක්‌ බැවින් ඒ වෙනුවෙන් ඕනෑම අවස්‌ථාවක උපරිමය කිරීමට වෙහෙසෙන බව ඉන්දියානු නායක විරාට්‌ කෝලි පවසයි. ඊයේ පිතිකරණ පුහුණුව ඇරඹීමට පෙර මාධ්‍ය හමුවට පැමිණි කෝලි තවදුරටත් මෙසේ සඳහන් කර සිටියේය.


"අපේ විරුද්ධවාදීන් කරන්නේ මොකක්‌ද කියන එක අපිට වැදගත් නැහැ. අපි බලන්නෙ ඔවුන්ගේ ශක්‌තිය සහ දුර්වලතාව මොකක්‌ද කියලා. අපි අපි වෙනුවෙන් ක්‍රීඩා කරනවා. අපිට සෑම තත්ත්වයකදීම සෑම පන්දුවක්‌ම අපිට වැදගත්. ක්‍රිකට්‌ ක්‍රීඩාවේදී ඉදිරිය ඉතාමත් අභියෝගාත්මකයි. අපි පසුගිය කාලයේ වෙහෙස මහන්සි වී කණ්‌ඩායමක්‌ ලෙස එකට කටයුතු කළ ආකාරය අනූව දැන් අංක එකට පත්වෙලා ඉන්නවා. දැන් අපි හොඳ පදනමක්‌ ගොඩ නගාගෙන ඉන්නවා." යෑයි ඉන්දියානු නායකයා පවසයි.

රංගන හේරත්ගේ අභියෝග පිළිබඳව වටහාගෙන සිටින කෝලි ඔහු ගැන පවසා සිටියේ, "හේරත් කියන්නෙ කවුද කියල අපි හැමෝම දන්නවා. ඔහු අති විශිෂ්ට පන්දු යවන්නෙක්‌. අපිව ගිය වතාවෙදි ඔහු අමාරුවේ දැම්මා. අපේ පිතිකරුවන්ට ඒ සඳහා ලෑස්‌ති වෙන්න පෞද්ගලික වගකීම් ලබාදීලා තියෙනවා. පන්දුවට පහර දෙන්න ඕන මොන වගේද යන්න සැලසුම් ඇතිව තමයි ඔවුන් තරගයට එන්නේ."

තණතීරුව පිතිකරුවන්ට යහපත් වනු ඇතැයි අපේක්‍ෂා කරන කෝලි පසුගිය කාලයේ සිය කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා සම්බන්ධයෙන් විවිධ කතා ඇති වූ බවද එහිදී සිහිපත් කළේය. "අපි පුහුණුකරුවා සම්බන්ධයෙන් විවිධ කතා පසුගිය කාලයේ කතා වුණා. අපි සියලු දෙනා එකට වැඩ කරල ඉදිරියට ඇවිල්ල ඉන්නවා. 2014-2015 ඔස්‌ටේ්‍රලියානු සංචාරයෙන් පසුව අපි කණ්‌ඩායමක්‌ ලෙස ඉදිරියට ඇවිල්ලා ඉන්නවා.'

Rate this item
(1 Vote)