April 25, 2024

ඉන්දියානුවන් හඩවමින් එංගලන්තය ලෝක කුසලානය දිනා ගත් හැටි(VIDEO)

ලෝක කුසලාන කාන්තා ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා එංගලන්තය අතර පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 09ක තියුණු ජයක් හිමිකරගැනීමට එංගලන්ත කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමත් විය.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 228ක් ලබා ගත්තා එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ නතාලි ස්කිවර් ලකුණු 51ක් ලබා ගත්තා.

ජයග‍්‍රහණය සදහා ලකුණු 228ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 219ක් පමණි.

අවසන් මොහොත දක්වා තරගයේ සියලු වාසි හිමිකරගෙන සිටි ඉන්දියානු කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරමින් කඩුලු 06ක් බිද දැමීමට Anya Shrubsole සමත්වුනා.

තරගයේ ලකුණු පුවරුව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 24 July 2017 07:24