April 20, 2024

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයින්ට සුබ ආරංචියක්

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගයේදී වම් කළවයේ ආබාධයකට ලක්වුණු තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න ඉන්දියාව හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සූදානම් බව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා පැවැසීය. කොළඹදී අද (20දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු පිළිබඳව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා මහතා පැවැසුවේ දෙස් විදෙස් පුහුණුකරුවන් කිහිපදෙනෙකුගේ නම් ඒ පිළිබඳව සළකා බලා ඇති නමුත් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

Rate this item
(3 votes)