April 18, 2024

‘කතාකරන්න අයිතියක් නැත්නම් මේ ක්‍රීඩා ඇමතිකමේ මම ඉඳලා තේරුමක් නැහැ..’ - ඇමති දයාසිරි

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ඉන්දීය සංචාරය සාර්ථක කර ගැනීම සඳහා ක්‍රීඩකයන්ගේ මානසිකත්වය හදාගැනීමට ඉඩ දෙන ලෙස සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටින බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

ක්‍රිකට්‌ සම්බන්ධයෙන් එක්‌ එක්‌කෙනා සිදුකළ විවේචන දැන් හොඳටම ඇති බවත්, දැන් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ටිකක්‌ හොඳ පැත්තට හැරෙමින් පවතින නිසා ඒ සඳහා සියලු දෙනා ඉඩ ලබා දියයුතු බවත් ඊයේ (19 දා) පැවැති ඇමැති මණ්‌ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කීය.

තවදුරටත් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ක්‍රීඩා ඇමැතිවරයා,

“වැරදි කරනවානම් වැරදිකරුවන් ආරක්ෂා කරන්න මම සූදානම් නැහැ. ඇමතිවරයා විදිහට මට ක්‍රීඩාව ගැන කතාකරන්න අයිතියක් නැත්නම් මේ ක්‍රීඩා ඇමතිකමේ මම ඉඳලා තේරුමක් නැහැ. මේ වගේ තිබෙන ප්‍රශ්න ගැන මම කතාකරන්න අවශ්‍යයි. දැන් මේ කියන්නේ මම කතා කරන්න එපා කියලද? ඒවාට ක්‍රීඩකයෝ ඇවිත් මැදිහත් වෙන්නේ නැතිව ඔවුන් ඔවුන්ගේ වැඩ ටික කරගත්තානම් මේ ප්‍රශ්න මේ තරම් දුරදිග යන්නේ නැහැ.

එමෙන්ම 2011 ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද ගමගේ මහතාට ප්‍රශ්න ඇත්නම් ඒ ගැන ලිඛිත ඉල්ලීමක්‌ කළහොත් පරීක්‍ෂණයක්‌ පැවැත්විය හැකි බව ද දයාසිරි ජයසේකර ඇමැතිවරයා කියා සිටියේය.

Rate this item
(0 votes)