April 24, 2024

අසේලගේ අනාවැකියට ලකුණු 10ක් හරස් වෙයි

සිම්බාබ්වේ හා පැවැති එකම ටෙස්ට් තරගයේදී අසේල ශතකයක් රැස්කරන බව තමන් පැවැසුවත් ලකුණු 70ක් නොදැවී රැස්කරමින් තරගය ජයගන්නා බව අසේල පැවැසුවේයැයි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පැවැසීය.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගය ජය ගැනීමෙන් පසුව ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (18දා) චන්දිමාල් මේ බව හෙළි කළේය. තරගයේදී නොදැවී ලකුණු 80ක් රැස්කිරීමට අසේල සමත්විය.

“මම අසේලට අද උදේ කිව්වා අසේල ඔයා ලකුණු 100ක් ලබාගන්නවා අද උදේ කියලා. අසේල හරිම විශාවසයෙන් කිව්වා නෑ චන්දි මට 100ක් ගහන්න වෙන්නේ නෑ 70ක් නොදැවී ගහලා මේ තරගය ඔයාට ජයග්‍රහණය කර දෙනවා කියලා.

 ඒ වගේ විශ්වාසවන්ත කම තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඔහුට ඒ දේ කරන්න බැරි වෙන්න තිබුණා අද දිනයේදී නමුත් ඔහු ඒ කතා කළ විදිහ මටත් විශ්වාසයක් ඇති කළා. ඒවා හොඳ දේවල් කණ්ඩායමක් ලෙස ඉදිරිය යද්දී.”

මෙහිදී අදහස් දැක්වූ අසේල සඳහන් කළේ “මම පන්දු යැව්වේ නෑ. ඒකෙන් ගොඩක් අඩුපාඩු වුණා. මගේ අරමුණ වුණේ විවේක ගෙන හරි කණ්ඩායමට ජයගෙන දෙන්නයි.” යනුවෙනි.

Rate this item
(0 votes)