April 20, 2024

සෝමචන්ද්‍ර ද සිල්වාගේ වාර්තාව චන්දිමාල්ගේ නමට

ශ‍්‍රී ලංකා ටෙස්ට් වංශකතාවේ වසර 34ක් පැරණි වාර්තාවක් බිද හෙලිමට ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සමත් වී තිබෙනවා

ඒ ශ‍්‍රී ලංකා ටෙස්ට් නායකයකු මංගල ටෙස්ට් තරගයකදී ඉනිමක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්

චන්දිමාල් සිම්බාබ්වේ කන්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදි ලකුණු 55ක් ලබා ගැනීමට සමත්වුනා

ශ්‍රීලංකා ටෙස්ට් නායකයෙකු මංගල ටෙස්ට් තරගයේ ඉනිමක ලබාගත් වැඩිම ලකුණු වාර්තාව 1983 වසරේ ක්‍රයිස්චර්ච්හිදී නවසීලන්තය හමුවේ ලකුණු 52ක් ලබාගත් සෝමචන්ද්‍ර ද සිල්වාට හිමිව තිබුණි.

Rate this item
(0 votes)