April 20, 2024

ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසය වෙනස් කිරීමට සැරසෙයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට තරගයේ සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කළ සිම්බාබ්වේ කන්ඩායම සියල්ලන් දැවී ලකුණු 377ක් ලබා ගත්තා

ඒ, පළමු ඉණිම සහා ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 346ට පිළිතුරු  වශයෙන්. 

අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 388ක ඉලක්කයක් හිමිවිය. 

ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් සාර්ථක ලෙස ලකුණු 352ක් හඹාගොස් ජයග්‍රහණයක් වාර්තා කර අැත්තේ 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිවය. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹාගොස් වාර්තා කළ ජයග්‍රහණයද වෙයි.

ශ්‍රි ලංකාව තවත් අවස්ථාවකදී ලකුණු 300 සීමාව ඉක්මවා හඹාගොස් ජයග්‍රහණයක් වාර්තා කර තිබේ. ඒ 1998 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 326ක් හඹාගොස් ලබාගත් ජයග්‍රහණයකි.

ඒ හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ටෙස්ට්  ලකුණු 300 සීමාව ඉක්මවා ගොස් ජයග්‍රහණයක් වාර්තා කර නොමැති අතරම රටින් පිටද එවැනි දක්ෂතාවක් දක්වා නොමැත.

 

Rate this item
(0 votes)