April 19, 2024

අර්ජුන කළ ප‍්‍රකාශයට ඉන්දියාවෙන් සැර පිළිතුරක්

2011 වසරේදී ඉන්දියාවේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගය පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු බවට හිටපු ශ්‍රී ලංකා නායක මෙන්ම වත්මන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කළ ප්‍රකාශයට ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩකයන් වන අශිෂ් නෙහෙරා හා ගෞතම් ගාම්භීර් සිය අදහස් ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව හා පැවැති අවසන් මහ තරගයේදි ඉන්දීය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ගෞතම් ගාම්භීර් පවසන්නේ,  

"අර්ජුන රණතුංගගේ චෝදනා ගැන මහ පුදුම වුණා. ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරව කරණ පුද්ගලයෙක් විසින් කරන බැරෑරුම් ප්‍රකශයක් තමයි මේ. මේ වගේ ප්‍රකාශයක් කරන විට ඔහු ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි" යනුවෙනි.

තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ ප්‍රධානම වේග පන්දු යවන්නෙකු වන අශිෂ් නෙහෙරා පවසන්නේ,

"මේ ගැන මගේ අදහස් ප්‍රකාශ කිරීමෙන් රණතුංගගේ අදහස් උසස් කිරීමට මම බලාපොරෝත්තු වෙන්නේ නෑ. මේ වගේ ප්‍රකාශවලට නිමාවක් නෑ. මම 1996 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලෝක කුසලාන ජයග්‍රහණය ප්‍රශ්න කළොත් එය හොඳ දෙයක්ද? නමුත් ඔහු වගේ පුද්ගලයෙකු මේ කළ ප්‍රකාශය ගැන මම කනගාටුවෙනවා.

Rate this item
(0 votes)