April 25, 2024

"මාව තෝරගෙන තරග දුන්නෙ නැහැ..ගොඩක් දේවල් ඉගෙන ගත්තා" - චන්දිමාල්

තමා ඉන්දීය ප්‍රමියර් ලීග තරගාවලියේදී වෙන්දේසි කළ විට පළමු වර කණ්ඩායමක් මිලදී නොගත් නිසා හා රට දෙවැනියට නොදැමීමට අකමැති නිසා අයි.පී.එල්. තරගාවලියට එක් නොවූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.

කොළඹදී  13දා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.එසේම විස්සයි20 නායකයා ලෙස කටයුතු කිරීමේදී හා ඉන් ඉවත්වීමේදී බොහෝ දේවල් ඉගෙන ගත් බවත් චන්දිමාල් පවසා සිටියේය.

“මම අයි.පී.එල්. ප්‍රතික්ෂේප කළේ නෑ. පළමු පාර ගියාම සති දෙකක් ඉන්දියාවේ හිටියා. මට එක තරගයක්වත් ලැබුණේ නෑ. ඒ වෙලාවේ කළමනාකාරිත්වයට කතා කරලා ලංකාවට ආවා. දෙවැනි පාර මම කණ්ඩායම විස්සයි20 නායකයා. පළමු පාර වෙන්දේසියේදීම මාව ගත්තේ නෑ. දෙවැනි පාර ක්‍රීඩකයෙකු තුවාල වුණාම තමයි මාව ගත්තේ. එතකොට මම වැඩ වගයක හිටියේ. මම රටේ නායකයා. ඉතින් දෙවැනි පාර තෝර ගනිද්දී මම ගිහින් මගේ රට පල්ලෙහාට දාන්න ඕන නෑ කියා මම හිතුවා.

නායකත්වයේදී මම මගේ රට හා කණ්ඩායම එකට සිතුවේ. කවුද ඕන ක්‍රීඩකයන් 11 දෙනා ගැන හිතුවා. සමහර අවස්ථාවලදී මට දක්ෂතා අතරට එන්න බැරිවුණා. මම නොම්මර හයේ ස්ථානයට ගියා. මට පන්දුවාර 2/3ක් ක්‍රීඩා කළා. මට තිබුණා නායකයෙකු ලෙස ඇවිත් ඉනිම ආරම්භ කරන්න. මම ඒ විදිහට හිතුවෙත් නෑ. කණ්ඩායම ගැන හිතලා වැඩ කටයුතු කළා. නායකත්වයේ සිටියදීත් ඉවත්වෙද්දීත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

Rate this item
(1 Vote)