April 19, 2024

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රබල ක‍්‍රිඩකයකු ආබාධයට ලක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ තුන් ඉරියව් පිතිකරු අසේල ගුණරත්න වම් කළවයේ ආබාධයකට ලක්ව ඇත. ඒ අනුව ඔහුට දින 7-10ක කාලයක් විවේකය අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කර තිබේ.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ඉදිරියේදී ඔහු පන්දු යැවීමටත්, පන්දු රැකීමටත් පිටියට නොඑනු ඇත.

Rate this item
(0 votes)