November 22, 2017

මර්නි මෝර්කල් අකැමැති ක‍්‍රිකට් වාර්තාවක්(VIDEO)

වැඩිම වතාවක් නිපන්දු වලින් කඩුලු ලබාගත් පන්දුයවන්නා ලෙස දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන මර්නි මෝර්කල් වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා.

පසුගිය දා අවසන් වු එංගලන්ත දකුණු අප‍්‍රිකානු ටෙස්ට් තරගයේදී මෝර්කල්  බෙන් ස්ටොක් ව දවාගත් පසු එය නිපන්දුවක් ලෙස විනිසුරු සටහන් කල අතර එම දැවීයාමත් සමග මෝර්කල් නිපන්දුවලින් අවස්ථා 13කදී කඩුලු ලබාගත් ක‍්‍රිඩකයකු ලෙස වාර්තා පොත් අතරට එක්වුනා.

එම වාර්තාව ගැන මෝර්කල් පවසා තිබුනේ මෙවන් අදහසක්.

'මට නම් මේක විශ්වාස කරන්නත් බෑ.. මොන වුණත් මම ලෝක වාර්තාවට කැමති නැහැ. මම පුහුණු වෙනවා නිතරම නිපන්දු නොයවා ඉන්න.මගේ අවාසනාව. මොන වාර්තා වුණත් මගේ ක‍්‍රිකට් දිවිය මෙතැනින් අවසන් වෙන්නේ නැහැ..'

Rate this item
(0 votes)
Last modified on Sunday, 16 July 2017 23:34