April 25, 2024

රංගන ප‍්‍රතිවාදීන්ගේ මුල් පෙළ ගලවයි- සිම්බාබ්වේ කණ්ඩායම අසීරු තත්වයක

ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැතවෙන ටෙස්ට් තරගයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කරන සිම්බාබ්වෙ කණ්ඩායම  කඩුලු 4ක් දැවී ලකුණු 23ක් ලබා අසීරු තත්වයේ පසුවෙයි.

සිම්බාබ්වේ මුල් පෙළ පිතිකරුවන් අසරණ කළ රංගන හේරත් සිම්බාබ්වේ කණ්ඩායමේ  කඩුලු 03ක් ලබා ගැනීමට  සමත් වු අතර දිල්රුවන් පෙරේරා එක් කඩුල්ලක් දවා ගත්තා .

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම ශ‍්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 33ක් ඉදිරියෙන් සිටි.

ඊයේ දිනය නිමා වන විට කඩුලු 07කට ලකුණු 293ක් ලබා සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය ප‍්‍රථම ඉනිම වෙනුවෙන් සියල්ල දැවී ලකුණු 346ක් ලබාගත්තා

එහිදී අසේල ගුණරත්න හුදකලා සටනක නිරත වෙමින් ලකුණු 45ක් ලබා ගත් අතර රංගන හේරත් ලකුණු 22ක් ලබාගත්තා

සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 356 ක් රැස් කළා.

කේ‍්‍රග් අර්වින් එහිදී ලකුණු 160 ක් ලබාගත් අතර, රංගන හේරත් ලකුණු 116කට කඩුලු 5 ක් බිඳ හෙලුවා.

Rate this item
(1 Vote)