April 19, 2024

රංගන හේරත් මව්බිමේදී සුවිශේෂී කඩඉමක් පසුකරයි

සිය මවුබිමේදී ලබාගත් වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර ලොව පස්වන තැනට පත්වීමට රංගන හේරත් ඊයේ(14) සමත්විය.

රංගන හේරත් ඊයේ දවා ගත් කඩුලු 04 ත් සමග ඔහුගේ ටෙස්‌ට්‌ කඩුලු මල්ල කඩුලු 377 කින් සමන්විත විය.  සිය මවුබිමේදී වැඩිම ටෙස්‌ට්‌ කඩුලුලාභීන් අතර ලොව පස්‌වැනි තැනට පත්ව සිටින රංගන හේරත් මව්බිමේදී දවා ගත් 250 වැනි ටෙස්‌ට්‌ කඩුල්ලද ඊයේ(14) සිකන්දරා රසා දවා ගනිමින් සටහන් කර ගත්තේය.

රංගන හේරත් මවුබිමේදී ටෙස්‌ට්‌ තරග 44 කදී කඩුලු 252 ක්‌ ලබා සිටින අතර එහි පළමු තැන සිටින මුත්තයියා මුරලිදරන් තරග 73 කදී කඩුලු 493 ක්‌ද අනිල් කුම්බ්ලේ තරග 63 කදී කඩුලු 350 ක්‌ද ෂේන් වෝන් තරග 69 කදී කඩුලු 319 ක්‌ සහ හර්බජාන් සිං තරග 55 කදී කඩුලු 265 ක්‌ වශයෙන් මවුබිමේ ටෙස්‌ට්‌ කඩුලුලාභීන් අතර පෙරමුණ ගෙන තිබේ.

Rate this item
(0 votes)