April 25, 2024

එංගලන්තයේදී ලද පරාජය ඩිවිලියස්ගේ සමුගැනීම ඉක්මන් කරයි

එංගලන්ත T20 තරඟාවලිය පරාජය සමඟ ඩිවිලියස් තම සමුගැනීම පිළිබඳව කතා කර ඇත.ඔහු පවසා ඇත්තේ අගෝස්තුවේදී තමා සමුගැනීම ගැන දකුණු අප්‍රිකා ක්‍රිකට් බලධාරීන් සමඟ කතා කිරීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බවයි.කෙසේ නමුත් මීට පෙර AB පවසා තිබුනේ 2019  ලෝක කුසලානයෙන් අනතුරුව තමා තීරණය කරන බවයි.

“මේ අගෝස්තුවේදී මම දකුණු අප්‍රිකා ක්‍රිකට්බලධාරීන් හමුවෙන්න ඉන්නේ,එතැනදී මම තීරණය කරන්න ඉන්නේ මගේ ක්‍රිකට් අනාගතය කොහොමද වෙන්නේ කියල.”

“මට ඉදිරි කාලයේ ගෙදර අය එක්ක ටිකක් ගත කරන්න ඕන,අපේ ගෙදරට ආපු අලුත් සාමාජිකයා එක්ක වැඩි කාලයක් ඉන්න ඕන.”

මේ සුපිරි පිතිකරුවා තමන්ගේ සිතේ තිබෙන නොසන්සිදෙන ආශාව ගැනද පවසා ඇත.

“ඇත්තටම ලෝක කුසලානයක් දිනන්න කණ්ඩායම මෙහෙයවන්න හරි නැත්නම අඩුම තරමේ ලෝක කුසලානය දිනන කණ්ඩායමක සාමාජිකයෙක්වත් වෙන්න ගොඩක් ආසාවකිනින් ඉන්නේ මම,කොහොම වුනත් මගේ ක්‍රිකට් අනාගතය මට තනියම තීරණය කරන්න බෑ,මගේ පුහුණු කරුවන් කණ්ඩායම වගේම දකුණු අප්‍රික ක්‍රිකට් බලධාරීන් එක්කත් සාකච්චා කරලා මගේ තීරණය ගන්න ඉන්නේ.”

Rate this item
(0 votes)