April 20, 2024

අසේලට ප‍්‍රබල කණ්ඩායමකින් බැල්ම වැටෙයි

බංග්ලාදේශයේ පැවැත්වෙන ඩකා ප්‍රිමියර් ලීග තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අසේල ගුණරත්න එක්කර ගැනීමට පසුගිය වර තරඟාවලියේ ශූරතාව දිනු ඩකා ඩයිනමයිට් කණ්ඩායමේ අවදානය යොමුවී ඇති බව වාර්තා වේ.

පසුගිය කාලසීමාවේදී, විශේෂයෙන්ම ඔහු විස්සයි20 තරගවලදී දැක්වූ දක්ෂතා අනුව මෙම බඳවා ගැනීම සිදුකිරීමට ඩකා කණ්ඩායම අවධානය යොමුකර තිබේ.

මේ වසරේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී අසේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියොජනය කළේය. කෙසේ වෙතත් එහිදී ඔහුට එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබුණි.

ඩකා කණ්ඩායම සමඟ ප්‍රබල ක්‍රීඩකයන් වන කුමාර සංගක්කාර,සහීඩ් ඇෆ්රෙඩ්,ෂේන් වොට්සන්,මොහොමඩ් අමීර් සහ සුනිල් නාරයන්ද විදෙස් ක්‍රීඩකයන් ලෙස පසුගිය වසරේ ක්‍රීඩා කළහ.

Rate this item
(0 votes)