April 24, 2024

ඕස්ට්‍රේලියාවේ වාර්තා පොත් අලුත් කල නවසීලන්ත  ප‍්‍රහාරාත්මක පිතිකරුවා ක‍්‍රිකට් පිටියට සමුදෙයි

පසුගිය ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව නවසීලන්ත සුපිරි ක්‍රිකට් ක්‍රීඩක luke ronchi තම අන්තර්ජාතික ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළ බව ප්‍රකාශ කර තිබෙනවා.

luke ronchi ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් වන අතර අනතුරුවයි ඔහු කඩුලු රකින ක්‍රීඩකයා වශයෙන් නවසීලන්ත කණ්ඩායමට එක්වුනා.

ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් එක්දින තරග 04කට හා විස්සයි විස්ස තරග 03කට සහභාගී වී ඇති luke ronchi ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් වේගවත්ම අර්ධශතක ලාභීන් අතර තුන්වන ස්ථානයේ පසුවනවා.

ඒ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2008 වර්ෂයේදි පන්දු 22කින් අර්ධ ශතකයක් ලබාගනිමින්

කෙසේ වෙතත්  ටෙස්ට් තරඟ 4කට, එක්දින තරඟ 85 කට විස්සයි විස්ස තරඟ 32 කට ක්‍රීඩාකර ඇති luke ronchi මුම්බායි ඉන්දියන් කණ්ඩායම වසර 5 ක් නියෝජනය කර ඇති අතර මෙම තීරණයත් සමඟ 36 හැවිරිදි රොන්චි සියලුම ජාත්‍යන්තර තරඟවලට සමුදෙනු ඇති.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 June 2017 07:20