April 20, 2024

ICC ය ශ්‍රී ලංකා කණ්ඩායම හලයි

පසුගිය 18 වනදා නිමාවට පත්වූ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයන්ගේ දක්ෂතා අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අයි.සී.සී. ශූරයන්ගේ කණ්ඩායම නම් කර තිබෙනවා.

මෙම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ පාකිස්තාන කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ්ටයි.

ක්‍රීඩකයන් 12 දෙනෙකු ඇතුළත් මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙකු නම් කර නොමැති අතර ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකානු කණ්ඩායම්වල ක්‍රීඩකයන් කිසිවෙකුත් නම්කර නොතිබීම විශේෂත්වයක්.

පකිස්ථානය, ඉන්දියාව, එංගලන්තය, බංග්ලාදේශය සහ නවසීලන්තය යන කණ්ඩායම් 05 ක්‍රීඩකයන් පමණක් මෙම කණ්ඩායමට නම් කර තිබෙනවා.

ශිකර් ධවාන්, ෆක්හාර් සමාන්, තමීම් ඉක්බාල්, විරාට් කෝලි, ජෝ රූට්, බෙන් ස්ටොක්, සෆ්රාස් අහමඩ්, අඩ්යල් රෂීඩ්, ජුනේයිඩ් ඛාන්, බුවනේශ්වර් කුමාර්, හසන් අලී යන ක්‍රීඩකයින් සහ 12 වන ක්‍රීඩකයා ලෙස කෙන් විලියම්සන් මෙම කණ්ඩායමට ඇතුලත්.

ඒ අනුව ආසියානු ක්‍රීඩකයින් 08 දෙනෙක් ශූරයන්ගේ කණ්ඩායමට ඇතුලත්ව සිටිනවා.

Rate this item
(1 Vote)