March 28, 2024

ඉන්දියාව හැඩවු පාකිස්තානුවෝ චැම්පියන්ස් කුසලානය දිනා ගනිති

ශූරයන්ගෙු කුසලානයේ වත්මන් හිමිකරුවන් වූ ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් 2017 වසරේ ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් ශූරතාව හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ(18) සමත්විය. පාකිස්තන කණ්ඩායමක් ශූරයන්ගේ කුසලානය ජයගත් පළමු අවස්ථාව මෙය වෙයි.

පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙමින් ලකුණු 338ක් රැස්කරගත් අතර එයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු  158 පමණි. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරු වූයේ හර්දික් පාණ්ඩ්‍යාය. ඔහු ලකුණු 76ක් රැස්කළේ පන්දු 43කිනි. ඔහු සිය අර්ධ ශතකය පන්දු 38කින් වාර්තා කළ අතර අයි.සී.සී. ලෝක ඉසව්වකදී අවසන් මහ තරගයකදී වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකයද විය.

පළමුවෙන්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 4 ලකුණු 338 රැස්කළේය. 

පාකිස්තාන ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදීමට අසාර් අලී හා ෆක්හාර් සැමන් සමත්වූහ. එම ආරම්භය බාබර් අසාම්, මොහොමඩ් හෆිස් යන පිතිකරුවෝ ඉදිරියට රැගෙන යමින් පාකිස්තාන ඉනිම ඉහළ ලකුණු සංඛ්‍යාවකට රැගෙන ගියහ. පාකිස්තානය රැස්කළ ලකුණු සංඛ්‍යාව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගයකදී පළමුවෙන්ම පන්දුවට පහරදුන් කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛාවද වෙයි. ඉමාඩ් වසීම් හා මොහොමඩ් හෆීස් පස්වැනි කඩුල්ල සඳහා පන්දුවාර 7.3කදී නොබිදුණු ලකුණු 71ක සබඳතාවක් ගොඩනැංවූහ.

01

Rate this item
(0 votes)
Last modified on Monday, 19 June 2017 06:52