March 28, 2024

ස්කොට්ලන්තයට ඓතිහාසික ජයක්

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය, ස්කොට්ලන්තය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 26 කින් ජය ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 317 ක්.

ජයග්‍රහණය සඳහා ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 43 කදී සීම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 299 ක ඉලක්කයක් හිමි වු අතර පන්දුවාර 41 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී ඔවුන්ට රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 272 ක් පමණයි.

ස්කොට්ලන්තය ටෙස්ට් වරම් දිනූ කණ්ඩායමකට එරෙහිව ලැබු පළමු ජයග්‍රහණය ද මෙය වනවා.

තරගයේ ලකුණු පුවරුව පහතින්

Rate this item
(0 votes)