April 24, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක සංගා තම නම සටහන් කර ගනී..

‘රෝයල් ලන්ඩන්’ කුසලාන එක්දින තරගාවලියේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව 13 වැනිදා පැවැති අවසන් පූර්ව තරගයේදී සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ලබාගත් ශතකයත් (121) සමගින් ප්‍රධාන පෙළේ තරගවලදී ශතක 100 ක් ලබාගැනීමට කුමාර් සංගක්කාර සමත් විය.

සංගක්කාරගේ ශතක 100 ට පළමු පෙළ ශතක 61 ක් සහ ඒ කාණ්ඩයේ එක්දින ශතක 39 ක් අන්තර්ගත වේ. එම පළමු පෙළ ශතට 61 ට ටෙස්ට් ශතක 38 ක් ඇතුළත් වන අතර ඒ කාණ්ඩයේ එක්දින ශතක 39 ට එක්දින ජාත්‍යන්තර ශතක 25 ක්ද ඇතුළත් වී තිබේ.

2014 වසරේදී බංග්ලාදේශයට එරෙහිව චිතගොංහිදී රැස්කළ ලකුණු 319 සංගක්කාරගේ හොඳම ටෙස්ට් ඉනිම වන අතර 2013 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී රැස්කළ ලකුණු 169 ඔහුගේ හොඳම එක්දින ඉනිම වේ.

මේ දක්වා පළමු පෙළ තරග 256 කට (ටෙස්ට් තරග 134 ද සමග) සහභාගි වී ඇති සංගක්කාර ක්‍රීඩා කර තිබෙන ඒ කාණ්ඩයේ එක්දින තරග සංඛ්‍යාව 526 (එක්දින ජාත්‍යන්තර තරග 404 ද සමග) කි.

සංගක්කාර යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව ලබාගත් ශතකය පන්දු 121 කදී වාර්තා වූ අතර එය හයේ පහර 4 කින් සහ හතරේ පහර 9 කින් සමන්විත විය. සංගක්කාරගේ ශතකය නිසා සරේ ප්‍රාන්ත කණ්ඩායමට එම තරගයෙන් ලකුණු 24 ක ජයක් හිමිවූ අතර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමටද හැකි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු ශතක 100 ක් ලබාගත් පළමු අවස්ථාවට අවස්ථාව ලෙස එය වාර්තා පොත් අතරට එක්වන අතර සංගාගෙන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ශතක ලබාගෙන ඇති ක්‍රීඩකයා වන්නේ මහේල ජයවර්දන වන අතර ඔහු සමස්ථ ශතක 75 කට හිමිකම් කියන්නේ සංගාට වඩා ශතක 25ක් පිටිපසින් සිටිමිනි.

Rate this item
(2 votes)