April 24, 2024

මහත්මා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ඉන්දියාව කළ නොමනා ක‍්‍රියාවක් හෙළිවෙයි

11 වැනි එක්‌දින ක්‍රිකට්‌ අර්ධ ශතකය වාර්තා කරමින් ඉන්දියානුවන්ට එරෙහිව තරගයේ වීරයා වූ කුසල් මෙන්ඩිස්‌ වෙනත් රටවල් සමඟ ක්‍රීඩා කළාට වැඩි පීඩනයක්‌ මෙම තරගයේදී ලැබූ බව තරගයෙන් පසුව පවසා සිටියේය.

”ඇත්තටම මම ඉන්දියාවත් එක්‌ක ක්‍රීඩා කළ පළමු වතාව මේක. වෙන කණ්‌ඩායම් වගේ නෙවෙයි ඔවුන්. පිට්‌ටනිය මැදදි එක එක දේවල් කියල බණිනවා. නමුත් ඒ ගැන මම දැනගෙන තමයි ක්‍රීඩා කළේ. ටික වෙලාවක්‌ කඩුල්ලේ ඉන්න කොට ධනුෂ්ක අයියත් කිව්ව අපිට ලකුණු තියෙනවා ඉඳල ගහන්න කියලා.”

කෙසේ වෙතත් තමා පන්දුවට පහරදීමට පැමිණි අවස්‌ථාවේ ලකුණු ලබා ගැනීම පීඩනයක්‌ වූ බවද මෙන්ඩිස්‌ පවසයි., ”මට ගිය වෙලාවෙ ඉඳල ලකුණු ගන්න ටිකක්‌ අමාරු වුණා. නමුත් මට පුලුවන් තරම් කඩුල්ලේ ඉන්න කියන උපදෙස තමයි ඒ වෙලාවෙ ලැබුණෙ. මේ තරගයේදී මම ලොකු අත්දැකීමක්‌ ලැබුවා. මොකද අපිට කඩුල්ලේ රැඳී සිටියොත් ඕනම ගාණක්‌ ගහන්න පුලුවන් කියන විශ්වාසය ඇති වුණා.”

මහත්මා ක්‍රිකට් ක්‍රීඩාව කෙලෙසන ක්‍රියාවන් ඉන්දියාව කල පළමු අවස්ථාව මෙය නොවේ.මවුන්ගේ මෙවැනි ක්‍රියාවන් නතර කිරීමට කල හැකි එකම දෙයනම් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පරාජය කිරීමයි.මන්ද ඔවුන්ගේ මුදල් බලය හමුවේ ඉන්දියාවට බලපෑමක් කිරීමට ICC යද ඉදිරි පත් නොවන නිසාවෙනි.

Rate this item
(4 votes)