April 20, 2024

බංගලාදේශය වාර්තාවක් තබමින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබති

ICC ශූරයින්ගේ කුසලානය සදහා ඊයේ පැවති තරගයෙන් එංගලන්තය හමුවේ ඔස්ටේ‍්‍රලියාව පරාජයට පත් වීමත් සමග බංග්ලාදේශ කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

බංග්ලාදේශ කණ්ඩායම කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි පලමු අවස්ථාව මෙයි වෙයි.

ඊයේ පැවති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ‍්‍රලියාව නියමිත පන්දුවාර පනහේදී කඩුලු 09ක් දැවී ලකුණු 277ක් රැස් කළා.

මෙම තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ ජය තීරණය කෙරුණේ ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුවයි.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට එංගලන්තය පන්දුවාර 40 යි පන්දු 02ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 240 ක් ලබා සිටියා.

ඒ අනූව එංගලන්තයට ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 40ක ජයක් හිමි වුණා. එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 102ක් රැස් කළ අතර ඔයින් මෝර්ගන් ලකුණු 87ක් රැස් කළා.

ඒ අනූව මෙවර "A" කාණ්ඩයෙන් තරග වැදුණු එංගලන්තය සහ බංග්ලාදේශය අවසන් පූර්ව වටයට සුදුකම් ලබා ගත් අතර ඔස්ටේ‍්‍රලියාවට සහ නවසීලන්තයට මෙම අවස්ථාව අහිමි වීම කැපී පෙණුනා.

ඔස්ටේ‍්‍රලියාව මෙවර තරගාවලියේ දී මූලික වටයේ සහභාගි වූ තරග දෙකක්ම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවීම විශේෂත්වයක්.

5

6

Rate this item
(0 votes)