April 25, 2024

"ජයග්‍රහණයේ ලේබලය අලවන් තරඟ කරන්න බෑ... ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සටන්කාමීයි" - විරාට් කෝලි

ශ්‍රී ලංකාවට මෙම තරගයේ ගෞරවය හිමිවිය යුතු බවත් එක්‌දින තරගවල ස්‌වභාවය මෙය බවත් ඉන්දියානු නායක විරාට්‌ කෝලි තරගය පරාජයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. එක්‌දින තරග ඉතිහාසයේදී කෝලි 11 වැනි වරටත් මෙම තරගයේදී ලකුණු නොලබා දැවී ගියේය.

''ඇත්තටම අපේ පිතිකරුවන් ඉතාමත් හොඳින් පහර දුන්නා. නමුත් එක්‌දින තරගවලදී ජය කොයි මොහොතේ පුපුරා යා හැකිදැයි කියන්න බැහැ. ශ්‍රී ලංකා පිතිකරුවෝ හොඳින් සටන් කළා.'' යෑයි ඔහු පැවසීය.

දකුණු අප්‍රිකානු තරගය ජය ගෙන අවසන් පූර්ව වටයට පිවිසීමට අපේක්‍ෂා කරන බවත් ජයග්‍රහණයේ ලේබලය අලවාගෙන කිසිවකුටත් තරග කළ නොහැකි බවත් කෝලි වැඩිදුරටත් පැවසීය.

Rate this item
(7 votes)
Last modified on Saturday, 10 June 2017 08:58