April 24, 2024

ජගත් ක්‍රිකට් ලොව මවිත කරවමින් ප‍්‍රබල ඉන්දියානුවන්ගේ වාර්තා රැසක් ශ‍්‍රී ලංකාව බිද දමයි

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ‘බී්’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඕවල්හිදී ඊයේ (08 ) පැවැති තරගයෙන් ඉන්දියාවට එරෙහිව කඩුලු 7 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය

ජයග්‍රහණය සදහා ලකුණු 322 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රහණය තහවුරු කරගත්හ.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු හඹා ගොස් ලැබූ ඉහලම ජයග්‍රහණය සම කිරීමක් වන අතර චැම්පියන්ස් කුසලාන තරඟාවලියක කණ්ඩායමක් හඹාගොස් ලැබූ ඉහලම ජයග්‍රහණයද වේ.

පන්දු 93 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 89 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට රැගෙන ආ කුසල් මෙන්ඩිස් දුවද්දී දැවීයාමට ගොදුරු වෙමින් පිටියෙන් විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නංවමින්  දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 139 කදී ලකුණු 159 ක අනගි සම්බන්ධතාවයක් ගොඩනැගීමට ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් සමත්  අතර අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසු වු ධනුෂ්ක ගුණතිලක පන්දු 72 කදී ලකුණු 76 ක් රැස්කිරීමට  සමත්වුහ

මැතිව්ස් සමගින් එක්ව සිව්වැනි කඩුල්ල සදහා පන්දු 62 කදී ලකුණු 75 ක් සම්බන්ධතාවයක් ගොඩනගා සිටියදී පාදයේ ආබාධයකට ලක්විම හේතුවෙන් කුසල් පෙරේරාට පිටියෙන් ඉවත් වීමට සිදුවිය. පිටියෙන් ඉවත්ව යන විට ඔහු පන්දු 44 කදී හතරේ පහර පහක් සමගින් ලකුණු 47 ක් ලබා සිටියේය.

කුසල් පෙරේරා පිටියෙන් ඉවත් වීමෙන් පසුව පන්දුවට පහරදීමට පැමිණි අසේල ගුණරත්න සමග එක්ව වේගවත් පිතිහරඹයක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදි ලකුණු 51 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඇන්ජලෝ මැතිව්ස් පන්දු 45 කදී හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 52 ක් රැස්කළ අතර අසේල ගුණරත්න පන්දු 21 කදි හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමග නොදැවී ලකුණු 34 ක් රැස් කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 321 ක් රැස්කිරීමට සමත්වූහ

විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ශීකර් ධවාන් සිය දහවන ශතකය වාර්තා කල අතර ලසිත් මාලිංග එවු පන්දුවකට කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් ලබාදී දැවී යනවිට ලකුණු 125ක් රැස් කරගෙන සිටියහ.

ශීකර් ධාවන් සමගින් පළමු කඩුල්ල සදහා පන්දු 149 කදි ලකුණු 138 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ රෝහිත් ශර්මා දැවීයන විටදී ලකුණු 78 ක් රැස්කර සිටියේය. ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ තිසර පෙරේරා අතට උඩපන්දුවක් දෙමින් දැවී ගිය ශර්මා පන්දු 79 කට මුහුණදුන් අතර ඔහුගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර හයක් ඇතුළත් විය.

මහේන්ද‍්‍ර සිං දෝනි පන්දු 52කදී වේගවත් ලකුණු 63ක් රැස් කල අතර නායක විරාත්කොලි ලකුණු නොලබා දැවී ගියහ.

නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් දෙමින් දැවී ගිය වීරාත් කෝලී අයි.සී.සී. තරගාවලියකදී (ලෝක කුසලාන, ශූරයන්ගේ කුසලාන සහ විස්සයි20 ලෝක කුසලාන) ලකුණු ලබාගැනීමට ප්‍රථම ක්‍රීඩාපිටියෙන් ඉවත්වූ පළමු අවස්ථාව විය.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග ලකුණු 70කට කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ ලකුණු පුවරුව පහතින්

Rate this item
(3 votes)
Last modified on Friday, 09 June 2017 08:26