April 19, 2024

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුවිශේෂී වෙනස්කම් කිහිපයක්

ඉන්දියාවට එරෙහිව සියලු සැලසුම් සාර්ථක කර ගනිමින් කදිම පුහුණු සැසියකට සහභාගිවීමේ අපේක්‍ෂාවෙන් ශ්‍රී ලංකා පිල අද ඕවල් ක්‍රීඩාංගණයට පිවිසීමට නියමිතය. එහිදී කණ්‌ඩායම ලබන පෙරහුරුව හෙට තරගය සඳහා වැදගත් සාධකයක්‌ බවට පත්ව තිබේ. කෙසේ වෙතත් හෙට තරගයේදී උපුල් තරංග වෙනුවට කුසල් ජනිත් පෙරේරා ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන අතර තවත් වෙනස්‌කම් කිහිපයක්‌ සිදුවීමට නියමිතව ඇතැයි කණ්‌ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ගවල සඳහන් වේ.

තවද ඉන්දියාවට එරෙහිව පන්දු යෑවීමෙන්ද කණ්‌ඩායමට දායකත්වය දීම පිළිබඳව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌  බලාපොරොත්තුවෙන් සිටියි . ඔහු මේ වන විට සුවය ලබා තිබුණ ද පන්දු යෑවීම තවමත් සිදු නොකරන අතර පුහුණුවීම්වලදී ඔහු පන්දු යෑවීම පිළිබඳව උත්සහ කිරීමට නියමිතය.

Rate this item
(1 Vote)