April 18, 2024

ශ‍්‍රී ලංකා නවකයින්ට සංගාගෙන් උපදෙසක්

තරගාවලියේ අවසන් පූර්ව බලාපොරොත්තුව ඇති කර ගැනීමට නම් නවක ශ්‍රී ලංකා කණ්‌ඩායම හෙට (08 දා) ඉන්දියාව සමග පැවැත්වෙන තරගයේදී තමන් සතු අභිමානවත් ක්‍රීඩාවේ නියෑළිය යුතු බව ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්‌කාර සඳහන් කරයි.

ප්‍රබල ඉන්දියානු කණ්‌ඩායම පරාජය කිරීමට නම් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සුපුරුදු රිද්මයෙන් ක්‍රීඩා කළ යුතු බවත් උපුල් තරංග තරග දෙකක තහනමක්‌ ලැබීමද ශ්‍රී ලංකා පිල පැත්තෙන් විශාල ආවාසියක්‌ බවත් සංගක්‌කාර පහදා දෙයි. වත්මන් තත්ත්වය අනුව මැතිව්ස්‌ගේ කර මත ජයග්‍රහණයේ වගකීම පැටවී ඇතිමුත් නවකයන් විශිෂ්ට ක්‍රීඩා විලාශයක්‌ පෙන්වුවහොත් ශ්‍රී ලංකාවට සාර්ථක ප්‍රතිඵලයක්‌ ලබාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඉන්දියාව සමග තරගයේදී පළමු පන්දුවාර දහය ඉතා වැදගත් බව තුන් ඉරියව් ක්‍රීඩකයන් වන තිසර පෙරේරා සහ සීක්‌කුගේ ප්‍රසන්න වැනි විවිධත්වයක්‌ ඇති ක්‍රීඩකයන් වැදගත් සාධකයක්‌ බවත් සංගක්‌කාර පෙන්වා දෙයි.

Rate this item
(0 votes)