April 19, 2024

පාකිස්ථානය පරදා ඉන්දියාව ජයගනී

අයි.සී.සී. ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාලව ඊයේ(04) පැවැති තරගයෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුව පාකිස්ථානු කණ්ඩායම පරදවා ලකුණු 124 ක් ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා පලමුව පන්දුවරට පහරදුන් ඉන්දිය කණ්ඩායමේ ඉනිම පන්දුවාර 48ක සීමා වුනු අතර ඒ වනවිට ඔවුන් කඩුලූ තුනක් දැවී ලකුණු 319ක් රැස් කරගෙන සිටියේය.

පාකිස්ථානු කණ්ඩායම පිලිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටියදි තරගයට නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව පන්දුවාර 41ක් තුලදි පාකිස්ථානු කණ්ඩායමට තරගය ජය ගැනිම සදහා ලකුණු 269ක ඉලක්කයක් හිමිවිය.

කෙසේ වෙතත් පාකිස්ථානයට පන්දු වාර 33 යි පන්දු 4 අවසානයේ සියලූ දෙනා ලබා ගැනිමට හැකිවුයේ ලකුණු 164ක් පමණි.

Rate this item
(0 votes)