April 24, 2024

ලයනල් මෙසී වරදකරු කරමින් දඩුවම් නියම කරයි

ලොව කීර්තිමත් පාපන්දු ක්‍රීඩකයෙකු වන ආජන්ටිනා ජාතික ලයනල් මෙසීට මාස 21 ක අත්හිටවූ සිර දඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට මෙසී වරදකරු බවට තීන්දු කිරීමෙන් අනතුරුව ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දඬුවම නියම කර ඇත. ප්‍රචණ්ඩකාරී නොවන අපරාධයක් සදහා වසර දෙකක දඩුවම් මත ස්ස්පාඤ්ඤ නීතිය අනුව මෙම දඩුවම පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරන මෙසී ඩොලර් 40 ලක්ෂයක පමණ බදු මුදල් ගෙවීම් පැහැර හැර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

ලයනල් මෙසී මේවන විට 29වන වියෙහි පසුවේ.

Rate this item
(1 Vote)