April 19, 2024

බැංගලෝරයට ලකුණු 10ක ජයක්

IPL තරගාවලියේ බැංගලෝර් හිදී පැවැති 56 වන තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට එරෙහිව ලකුණු 10 ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඊයේ(14) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 162 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට ඕවර 20 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 151 ක් පමණි.

ලකුණු 119 කට කඩුලු 7 ක් දැවී තිබියදී මොහොමඞ් ශාමී තනි සටනක නිරත වුවද අවසන් මොහොතේ පවන් නෙගීගේ පන්දුවක් හමුවේ ස්ටම්ප්ස් කිරීමකට හසුව ලකුණු 21 කට දැවී ගියේය. පන්දු නවයකට මුහුණදුන් මොහොමඞ් ශාමීගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර තුනක් ඇතුළත් විය. දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලේ වැඩිම ලකුණු ලාභියාවූ රිෂාබ් පාන්ට් පන්දු 34 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 45 ක් රැස්කිරීමට සමත්විය.

පවන් නෙගි ඕවර දෙකක් යවමින් ලකුණු 10 කට කඩුලු තුනක් දවාගත් අතර හර්ෂල් පතෙල් ඕවර හතරකදී ලකුණු 43 කට කඩුලු තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 161 ක් රැස්කිරීමට සමත්විය.

දෙවැනි කඩුල්ල සදහා පන්දු 50 කදී ලකුණු 66 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට විරාට් කෝලී සහ ක්‍රිස් ගේල් සමත්වූහ. පන්දු 45 කට මුහුණදුන් විරාට් කෝලී ලකුණු 58 ක් රැස්කළ අතර හයේ පහර තුනකින් සහ හතරේ පහර තුනකින් ඉනිම අලංකාර විය. කෝලිට අනගි සහයක් ලබාදුන් ක්‍රිස් ගේල් පන්දු 38 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 48 ක් රැස් කළේය.

පැට් කමින්ස් ඕවර හතරක් යවා ලකුණු 21 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දක්වන්නට සමත්විය.

 

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් – ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 161

(ක්‍රිස් ගේල් 48, විරාට් කෝලී 58, පැට් කමින්ස් 21/2)

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් – ඕවර 20 කදී සියලුදෙනා දැවී ලකුණු 151

(කරුන් නායර් 26, ශ්‍රියාස් අයියර් 32, රිෂාබ් පාන්ට් 45, මොහොමඞ් ශාමී 21, පවන් නෙගි 10/3, හර්ෂල් පතෙල් 43/3, ට්‍රැවිස් හෙඞ් 30/2)

Rate this item
(0 votes)