March 29, 2024

සීගිරිය රැළි ක්‍රොස් 2014

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව,ශ‍්‍රී ලංකා මෝටර් රථ ක‍්‍රීඩා හා ධාවකයින්ගේ සංගමය සමග එක්ව පස්වන වරටත් සංවිධානය කරනු ලැබු සීගිරිය රැළි ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවලිය ඉකුත් 23 වැනිදා සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදි පැවැත්විය.

මෙවර සීගිරිය රැළි ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරඟාවළිය  සඳහා කාණ්ඩ කිහිපයක් යටතේ කි‍්‍රඩකයන් විශාල ප‍්‍රමාණයක් තරග කළ අතර ඉතාමත් ප‍්‍රවේගකාරි තරග රැසක් දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදාවිය.

එසේම මෙම ධාවන පථය තුළදී වේගය මත පදනම් වූ ධාවන රටාවකින් පමණක් නොව තම හැකියාවන්, අත්දැකීම් හා මුසු වූ ශිල්පීය උපක‍්‍රම මගින්ද තරඟයේ යෙදීමට ධාවකයින්ට සිදුවිය.

මෙම තරගාවලිය නැරඹීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක සහ එම මැතිණිය හා ගුවන් හමුදා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයින්ගේ සංගමය සභාපති එයාර්කොමොඩර් ජේ එස් අයි  විජේමාන්න, ගුවන් හමුදා විද්‍යාපීඨය චීනවරාය අණදෙන නිළධාරි එයාර් කොමදෝරු එච් එම් එස් කේ බී කොටකදෙණිය හා ගුවන් හමුදා සිගිරි කඳවුරේ අණදෙන  නිළධාරි විංග් කර්මාන්ඩර් සි පි ගුණතිලක  ඇතුළු ගුවන් හමුදා නිළධාරින් මෙන්ම සෙසු නිළයන් විශාල ප‍්‍රමාණයක් හා පේ‍්‍රක්ෂකයන් විශාල පිරිසක්ද  පමිණ සිටියහ.

 

Rate this item
(0 votes)