March 29, 2024

ශ්‍රී ලංකා රග්බි නායකත්වය රොෂාන්ට

ආසියානු ශූරතා රග්බි තරගාවලිය සඳහා රොෂාන් වීරරත්නගේ නායකත්වයෙන් යුත් 15දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර ලීග් ශූරයන් වූ මහනුවර ක්‍රීඩා සමාජයෙන් 9 දෙනකු සංචිතයට නම් කර තිබේ.

මෙම තරගාවලිය ලබන 14 දා සිට 20 දා දක්වා මලයාසියාවේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා පිල ලබන 11 දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.

මෙම සංචිතයට මෙවර ලීග් අනුශූර හැව්ලොක්ස් ක්‍රීඩකයන් 7 දෙනෙකුද, නාවික හමුදාවෙන් ක්‍රීඩකයන් 5දෙනෙකුද ඇතුළත් තර තිබේ.

මෙවර තරගාවලියේ නවක ක්‍රීඩකයන් 8 දෙනකු 15 දෙනාගේ කණ්ඩායමේ ශ්‍රී ලංකා වර්ණ දිනා ගැනීමට සමත්වී තිබිම කැපී පෙනෙයි.

මේ අනුව තරික් සාලි, අශාන් ඩාලින්, නිෂෝන් පෙරේරා, උමේෂ් මධුෂාන්, ජෙයෙල් පෙරේරා, තිලිණ විජේසිංහ සමග ධර්මපාල සොයුරන් වන රිචඩ් ධර්මපාල සහ රිචී ධර්මපාල පළමු වරට ශ්‍රී ලංකා 15 දෙනාගේ රග්බි සංචිතයට තේරී තිබේ.

ජාත්‍යන්තර රග්බි පිටියෙන් සමුගැනීම නිවේදනය කර ඇති හිටපු නායක ෆාසිල් මරීජා අවසන් වරට මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ෆීජියානු ජාතික ෆෙරෙටි වෙරෙබුලා කටයුතු කරන අතර සහය පුහුණුකරු ලෙස රජීව් පෙරේරාද, කළමනාකරු ලෙස රොහාන් චින්තකද කටයුතු කරයි.

ශ්‍රී ලංකා සංචිතය

රොෂාන් වීරරත්න (නායක), ෆසිල් මරීජා, ධනුෂ්ක රංජන්, ලවංග පෙරේරා, රිචඩ් ධර්මපාල, ජේසන් දිසානායක, තිලිණ විජේසිංහ, ගනුක දිසානායක, සයුරු ඇන්තනි (මහනුවර) දුෂ්මන්ත ප්‍රියදර්ශන, ෂාරෝ ප්‍රනාන්දු, ප්‍රසාද් මධුසංක, උමේෂ් මධුෂාන්, අශාන් ඩාලින්, නිෂෝන් පෙරේරා, නිරෝෂන් ප්‍රනාන්දු (හැව්ලොක්ස්) සජිත් සාරංග, සත්‍ය රණතුංග, චානක චන්දිමාල්, ලී කීගල්, රිචී ධර්මපාල (නාවික හමුදාව) ඔමල්ක ගුණරත්න, තරික් සාලි (සී.ආර්.) අශෝක ජයලාල් (යුද හමුදාව) ජොයෙල් පෙරේරා (‍පොලීසිය) ෆෙරෙටි වෙරෙබුලා (පුහුණුකරු), රජීව් පෙරේරා (සහය පුහුණුකරු) රොහාන් චින්තක (කළමනාකරු)

Rate this item
(0 votes)