March 29, 2024

ශ්‍රී ලංකා හොකීවලට පස්වන තැන

ආසියානු පාසල් අවුරුදු 18 න් පහළ බාලක හොකී තරග මාලාවේ ශූරතාව සත්කාරක ඉන්දියාව දිනා ගත් අතර ශ්‍රී ලංකාවට 5 වැනි ස්‌ථානය හිමි විය.

රටවල් 8 ක සහභාගිත්වයෙන් පැවැති මෙවර තරග මාලාවට සහභාගි වූ ජීවන්ත එදිරිසිංහ නායකත්වය හෙබවූ ශ්‍රී ලංකා පාසල් පිල ප්‍රතිවාදී එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය සහ තායිලන්තය පරාජය කිරීමට සමත් විය. එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය ගෝල් 13 – 01 කින්ද, තායිලන්තය ගෝල් 04 – 01 ශ්‍රී ලංකාව හමුවේ පරාජය ලැබීය.

ශ්‍රී ලංකා පාසල් පිල මැලේසියාව හමුවේ ගෝල් 10 – 00 කින් ද, චීනය හමුවේ ගෝල් 95 – 03 කින් ද පරාජය වීම හේතුවෙන් අවසන් පූර්ණ වටයට වරම් ලබා ගැනීමට නොහැකි විය.

ඉන්දියාව සහ මැලේසියාව අතර පැවැති අවසාන තරගයේදී ගෝල් 5 – 1 ක ජයග්‍රහණයක්‌ වාර්තා කර ගැනීමට ඉන්දීය පාසල් පිල සමත් විය. චීන පාසල් පිල පරාජයට පත් කරමින් මෙවර තෙවැනි ස්‌ථානය තහවුරු කර ගැනීමට සිංගප්පූරුවට හැකි වීම කැපී පෙනුණි. මෙවර සය වැනි ස්‌ථානය තායිලන්තයට ද, සත්වැනි ස්‌ථානය එක්‌සත් අරාබී එමීර් රාජ්‍යයට ද අවසන් ස්‌ථානය නේපාලයට ද හිමි විය.

නේපාලය සහ එක්‌සත් අරාබී එමීර් රාජ්‍යය ආසියානු පාසල් හොකී තරග මාලාවකට එක්‌ වූ පළමු අවස්‌ථාව මෙය වේ.

ආසියානු පාසල් ක්‍රීඩා සභාව මෙහෙය වූ මෙම තරග මාලාව ඉන්දියාවේ බෝපාල් නගරයේදී පැවැත්විණි.

Rate this item
(0 votes)