April 25, 2024

‘මුන් තායි‘ ලෝක බොක්සිං ශූරතාව නිලංකට

තායිලන්තයේ බැංකොක් නුවරදී රටවල් 57ක සහභාගිත්වයෙන් පැවැති මුයි තායි (තායි බොක්සිං) ලෝක ශූරතාවලියේ කිලෝග්‍රෑම් 67 බර පන්තියේ ශූරතාව දිනා ගැනීමට ගම්පහ බණ්ඩාරවත්තේ නිලංක මධුෂාන් එදිරිසිංහ සමත් විය. 

ඔහු හමුවේ අවසන් තරගයේදී බ්‍රසීල ක්‍රීඩකයකු පරාජයට පත්විය.

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ආදි සිසුවකු වන 29 හැවිරිදි නිලංක මුයි තායි ශ්‍රී ලංකා සංගමය නියෝජනය කරමින් මේ තරගාවලියට ඉදිරිපත් විය.

මුයි තායි (තායි බොක්සිං) ක්‍රීඩාව මෙරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ක්‍රීඩාවකි. මේ ජයග්‍රහණය ලබා මෙරටට පැමිණි නිලංක ගම්පහ බණ්ඩාරවත්ත ප්‍රදේශවාසීන් හා ක්‍රීඩා ලෝලීන් විසින් යක්කල නගරයේ සිට රථ පෙළපාලියකින් කැඳවාගෙන එනු ලැබිණි.

මේ ජය පිළිබඳ අදහස් දක්වමින් නිලංක කියා සිටියේ තම පුහුණුකරුවන් වන අශෝක ජයරත්න හා චිරාන් නිලංග යන මහත්වරුන්ට මෙන්ම තම මවුපියන්ට සිය ස්තූතිය පිරිනමන බවයි.

Rate this item
(0 votes)