April 18, 2024

ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලිය: ඉදුනිල්ට රන් පදක්කමක්

චීනයේ පැවැති ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ පලමු අදියරේ මීටර් 800 පිරිමි තරග ඉසව්වේදී රන් පදක්කම දිනා ගන්නට ශ්‍රී ලංකාවේ ඉදුනිල් හේරත් සමත් වුණා.

විනාඩි 1යි තත්ත්පර 50යි දශම 69ක කාලයක් වාර්තා කරමින් ඔහු තරගය අවසන් කළේය.

මීටර් 100 පිරිමි තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුයේ තත්පර 10 දශම 43කින් ඉසව්ව අවසන් කල ශ්‍රී ලංකාවේ හිමාෂ ඒෂාන්.

ගයන්තිකා අබේරත්න මීටර් 800 කාන්තා තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

ඒ විනාඩි 1යි තත්තපර 03යි දශම 78කින් ඉසව්ව අවසන් කරමින්.

Rate this item
(0 votes)