March 29, 2024

IPL පළමු ජය මුම්බායි ඉන්දියන්ස්‌ කණ්‌ඩායමට

මෙවර අයි.පී.එල්. තරගාවලියේ පැවැති 7 වැනි තරගයෙන් කොල්කටා නයිට්‌රයිඩර්ස්‌ හමුවේ කඩුලු 4 ක ජයක්‌ වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස්‌ කණ්‌ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්‌ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක්‌ දැවී ලකුණු 178 ක්‌ රැස්‌කළ අතර අදාළ ඉලක්‌කය හඹාගිය මුම්බායි පිල එක්‌ පන්දුවක්‌ සහ කඩුලු 4 ක්‌ අතැතිව ලකුණු 180 ක්‌ රැස්‌කර ගනිමින් ජය හිමිකර ගත්තේය. 

මෙවර තරගවාරයේදී වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහභාගී වූ පළමු තරගය මෙය වූ අතර එහිදී ඔහු විසින් කොල්කටා පිලේ කඩුලු 2 ක්‌ ලකුණු 36 කදී බිඳ හෙලුවේය.
 

Rate this item
(0 votes)