April 25, 2024

තිලංග බංග්ලාදේශය සමග දෙවන ටෙස්ට් තරගය පාවා දුන්නාද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා බංග්ලාදේශ - ශ්‍රී ලංකා ටෙස්ට් තරඟය බංග්ලාදේශයට වාසි වන පරිදි සැලසුම් කර තරඟ පාවා දීමක් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට තරඟ කිරීම සඳහා තිලංග සුමතිපාල මහතා මේ වන විට සූදානමින් සිටින අතර ඒ සඳහා කල මූලික විමසුමකදී ඔහු වෙනුවෙන් ඡන්දය ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් කවුන්සිලය කැමැත්ත පළ කර තිබේ. ඒ වෙනුවෙන් බංග්ලාදේශය තරඟ කරන 100 වන ටෙස්ට් තරඟය ජයග්‍රහණය කර දෙන ලෙස ඉල්ලා තිබේ.

ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වරට පී සරා ඕවල් ක්‍රීඩාංගනයේදී ප්‍රථම වරට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වෙනුවට එක් අයෙකු පමණක් යොදවමින්, කාසියේ වාසියද බංග්ලාදේශයට ලබා දෙමින් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියා කරන ලදි.

මෙම පාවාදිම සඳහා ක්‍රීඩකයින්ගේ මැදිහත්වීම කෙතරම් ප්‍රමාණයකට සිදුවී ඇත්ද යන්න පිළිබඳව තවමත් තහවුරු වී නැත.

Rate this item
(0 votes)