April 20, 2024

ක්‍රිකට් සභාපතිවරයාගේ පිලේ නායකත්වය මිලින්දට

බංග්ලාදේශය සමගින් අද (22) පැවැත්වෙන පුහුණු එක්දින තරගය සදහා තරග වදින ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිලේ නායකත්වයට තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන නම්කර ඇත.

සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පුහුණු තරගට තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට සදහා නම්කරන ලද ක්‍රීඩකයින් වන කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, ධනංජය ද සිල්වා සහ සචිත් පතිරණ යන ක්‍රීඩකයින්ද සහභාගී වීමට නියමිතය.

ඒ අනුව නැවතත් ජාතික කණ්ඩායම සදහා කැඳවීමක් ලැබුණු කුසල් ජනිත් පෙරේරාට සහ තිසර පෙරේරාට මෙම පුහුණු තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා රටාවන් අධ්‍යායනය කිරීමට අවස්ථාවක් හිමිවනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ සංචිතය

මිලින්ද සිරිවර්ධන (නායක), කුසල් ජනිත් පෙරේරා, ඩිල්ශාන් මුණවීර, සඳුන් වීරක්කොඩි, ධනංජය ද සිල්වා, චතුරංග ද සිල්වා, තිසර පෙරේරා, ළහිරු මදුෂංක, දසුන් ශානක, අකිල ධනංජය, සචිත පතිරණ.

Rate this item
(0 votes)