April 20, 2024

තරඟ පාවා දෙන්නන්ට මරණ දඩුවම?

පකිස්තාන් සුපර් ලීග් තරගාවලියේ තරග පාවා දීමේ චෝදනාව ලැබසිටින මොහොමඩ් ඉර්ෆාන්ට චෝදනාවලට වැරදිකරු වුවහොත් මරණ දඬුවම ලබා දිය යුතු බව පකිස්තාන හිටපු ක්‍රිකට් නායකයෙකු වන ජාවෙඩ් මියැන්ඩාඩ්  සඳහන් කරයි.

පකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ඉර්ෆාන්ගේ තරග පාවා දීම සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයෙන් පසුව සියලුම ආකාරයේ ක්‍රිකට් තරග තහනම් කිරීමට එරට දූෂණ විරෝධී ක්‍රිකට් කමිටුව ඉකුත් 16 වැනිදා තීරණය කර තිබේ.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් එය අවසන් වනතුරු මෙම තහනම ක්‍රියාත්මක වන බවත් එම ක්‍රිකට් කමිටුව සඳහන් කරයි.

Rate this item
(0 votes)