April 24, 2024

ප්‍රමුඛතා මංතීරු ගැන මහේලගෙන් 6යේ පහරක්

මාර්ග තදබදය හේතුවෙන් මේ දිනවල රාජගිරිය අවට මාර්ගයන්වල බස් රථ එක් මංතීරුවක පමණක් ධාවනය කිරීමේ අත්හදාබැලීමක් සිදුවනවා.

ඒ හේතුවෙන් වෙනදාට වඩා වැඩි වාහන තදබදයක් ඇතිව තිබෙන අතර මාර්ගය භාවිත කරන බොහෝ පිරිසක් පවසා තිබුණේ මෙම අත්හදාබැලීම අසාර්ථක වනු ඇති බවයි.

මේ පිළිබඳව පාඨලී චම්පික රණවක පවසා තිබුණේ එම අත්හදාබැලීම සාර්ථක බවයි.

කෙසේ වුවද ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ඔහුගේ ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් ඡායාරූපයක්ද පළ කරමින් ප්‍රශ්න කර තිබුණේ බස් රථ සඳහා වෙනම මංතීරුවක් වෙන්කිරීමේ අරමුණ වන්නේ කුමක්දැයි යන්නයි.

මේ ඔහු එලෙසින් සඳහන් කර තිබූ ට්විටර් පණිවුඩයයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 March 2017 12:30