March 28, 2024

රංගන වාර්තාවක් සමඟින් ලොව පළමුවැන්නා වෙයි

ක්‍රිකට් ඉතිහාසයේ වමත් දඟ පන්දු යවන්නෙකු වශයෙන් වැඩිම කඩලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ රංගන හේරත් ඉතිහාසයට එක්විය. ඒ බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 131ට කඩුලු 9ක් දවාගැනීමත් සමගිනි.

ඒ අනුව වමත් දග පන්දු යවන්නෙකු වශයෙන් ඩැනියෙල් විටෝරි රැස්කරගෙන සිට කඩුලු 362ක් අබිබවා යමින් කඩුලු 366ක් දවා ගැනිමට හේරත් සමත්විය. ඒ අනුව ලෝකයේ සාර්ථක ටෙස්ට් වමත් දඟ පන්දු යවන්නා ලෙස රංගන වාර්තා අතරට එක්විය.

ලෝකයේ වැඩිම ටෙස්ට් කඩලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් වන අතර ඔහු කඩුලු 800ක් දවාගෙන තිබේ. ඔහු ලෝකයේ සාර්ථක දකුණත් දඟ පන්දු යවන්නා වෙයි.

Rate this item
(0 votes)