April 20, 2024

තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

February 23, 2017

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඩ්හී ඊයේ (22) පැවති තෙවන 20/20 තරඟයෙන් ලකුණු 41 ජයක් ඕස්ට්‍රේලියාව හිමිකර ගත්තේය.

මුලින් පන්දුවට  පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20තුළ කඩුලු 6ක් දැවී ලකුණු 187ක් ලබාගන්නා ලදී.

නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 146ක් පමණි.

මේ අනුව තරඟ 3කින් සමන්විත මෙම 20/20 තරඟාවලියේ 2-1ක් ලෙස ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකර ගත්තේ ය.

Rate this item
(0 votes)